ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ පිළිබද දැනුම් දී ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබෙිවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබෙනවා.

WhatsApp Group

Skip to content