Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වයස අවුරුදු 19 න් පහල කාන්තා ලෝකා කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එක් ලකුනක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා .

තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි .

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 134 ක් .

එහිදී කයිලා රෙයිනිකා ලකුණු 43 ක් ලබා ගත්තා .

පන්දු යැවීමේදී විදුෂිකා පෙරේරා කඩුළු 3 ක් දවා ගත අතර දෙව්මි විහන්ගා ලබා ගත කඩුළු සංඛාව 2 ක් .

ලකුණු 135 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා 19 න් පහල ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වුයේ කඩුළු 8 ක් දැවී ලකුණු 133 ක් පමණයි .

එහිදී නෙත්මි සේනාරත්න ලකුණු 36 ක් රැස් කල අතර දෙව්මි විහාන්ගා ලකුණු 37 ක් ලබා ගත්තා .

කෙසේ වෙතත් මෙම තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල ක්‍රීඩිකාවන්ට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා .

WhatsApp Group

Skip to content