පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු 06 දෙනකුට ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් සුමිත් හේමන්ත, සුළු සේවක මංජුල නෙලුම්දෙනිය, සෞඛ්‍ය කාර්යය සහායකවරුන් වන සුසන්ත පුෂ්පකුමාර, ප්‍රියන්ත සහ සොයිසා යන පුද්ගලයින්ට බවයි සඳහන් වන්නේ.

මේ අතර රජයේ රෝහල්වල ඇතැම් කනිෂ්ට සේවකයින් රාජකාරී වේලාව තුළ ගංජා පානය කරන බවත්, ඔවුන් රෝගීන්ගේ වටිනා බඩුබාහිරාදිය සොරකම් කරන බවටත් කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදු කළ බව කියන ප්‍රකාශයකට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ කනිෂ්ට සේවකයින් පිරිසක් පසුගිය 19 වනදා ඔහුගේ නිල කාමරයේ පැය පහකට ආසන්න කාලයක් ඔහුව සිර කර තබා ගෙන විරෝධය දක්වා තිබුණා.

පසුව පොලීසිය මැදිහත්වී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මුදවා ගෙන රෝහලේන් පිටතට රැගෙන ඒමට කටයුතු කළා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය 21 වනදා මරදාන පොලීසියට පැමිණිල්ලක් සිදු කරමින් පැය පහකට ආසන්න කාලයක් තමන්ව නිල කාමරයේ සිරකර තබාගෙන මරණ බියක් ඇති වන අයුරින් කටයුතු කර තමන් අපහසුතාවයට පත්වන පරිදි වතුර ගැසූ බව පවසමින් ඉහත 06 දෙනාගේ නම් සඳහන් කරමින් පැමිණිල්ලක් සිදු කර තිබුණා.

WhatsApp Group

Skip to content