Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය පවසනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ මුද්‍රණයට අදාළව සිදු කරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

අක්ෂර දෝෂ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු කටයුතු නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසමෙන් යළි විමසා බලා මුද්‍රණයට අදාළව සිදු කරනු ලබන කාර්යයන් මෙම දිනවල සිදු කරන බවද ඇය පෙන්වා දෙනවා.

අනතුරුව පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදු කිරීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදු කෙරෙන බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළා.

WhatsApp Group

Skip to content