ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් ලෙස කිසිවිටෙකත් වෙන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය විසින් පවත්වනු ලැබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන් ඔබ්බට යන මැයෙන් ආර්ථික සංවාදයේ දේශනයට එක්වෙමින්.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනෙන් ඔබ්බට ගොස් මීළඟ පරම්පරාව සදහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් එකිනෙකාට දෝෂාරෝපණය කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බවටත් ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/03/RANIL-WIKRAMASINGHA-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content