Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජපානයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමට අදළාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ අයි එම් ජපන් ආයතනය අතරයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති සමින්ද ජයසේකර මහතා සහ අයි එම් ජපන් ආයතනයේ අධ්‍යක්ෂ ටොලුකා කියෝශි මහතා ඊට අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද එක්ව සිටියා.

අදාළ ගිවිසුමට අනුව පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහා කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා ජපන් නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියා.

ජපන් රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී හැකිතාක් නොමිලේ බදවා ගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content