මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

වී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අඩු ආදායම් ලබන පුද්ගලයින් සදහා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල මෙතුළින් සාර්ථක කරගතහැකි බවයි දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ.

ප්‍රදේශ කිහිපයකම වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කර ඇති බවත් අනෙකුත් ප්‍රදේශවලද එය කඩිනමින් සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content