චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිතකය නොමැති වුවද ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමීපතම ආරංචි මාර්ග පවසන්නේ මෙම ප්‍රතිපාදනය දැඩි මුල්‍ය අවශ්‍යතාවක් ඇති රටකට ණය හිමියා විසින් තෙවැනි පාර්ශවයක් සිදුකරන ආධාර අවහිර කිරීම වැළැක්වීම ඉලක්ක කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද සහතිකයක් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකා බලධාරීන් සමග අඛණ්ඩව කරුණු සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content