Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජපානයේ අධික හිම පතනයත් සමගින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මියගිය පිරිස අතරින් බහුතරයක් නිවාසයන්හි වහළ මත රැඳී තිබෙන හිම ඉවත් කිරීමට යාමේදී ඉන් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ජපානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන් නිවාස සිය ගණනකට විදුලි බලය ඇණහිට ඇති බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද නිවේදනය කළා.

වාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රමාද වීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content