ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 3 වනදා සිට ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සංචිත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යා හටයි.

අදාළ සංචිතයේ උපනායකත්වය සූර්යකුමාර් යාදව් විසින් දරනු ලබනවා.

සංජු සැම්සන් පන්දුවාර විස්ස තරගාවලිය සඳහා පමණක් නම්කර තිබීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් දරන අතර එහි උපනායකත්වය හිමිව ඇත්තේ ද හර්දික් පාණ්ඩ්‍යා හටයි.

පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා නොකරන කේ.එල්. රාහුල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් යන ක්‍රීඩකයින් එක්දින තරගාවලියට ක්‍රීඩා කරනු ලබනවා.

WhatsApp Group

Skip to content