Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් පාකිස්තානයේ සංචාරයකට එක්ව තිබෙනවා.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පසුගිය කාලසීමාව පුරාවට අන්තර් සම්බන්ධතා යහපත් මට්ටමක නොපැවති අතර ඔවුන් එකිනෙකා සමඟ තරග වැදුනේ මධ්‍යස්ථ ස්ථානවල පමණයි.

සැප්තැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානයට සහභාගී වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම ගැටලු මතු වූ අතර ඔවුන් තරගාවලිය වෙනත් රටකට ගෙන යන ලෙස යෝජනා කළා.

මෙම ගැටලුව නිසා පාකිස්තානය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය වර්ජනය කරන බවට ප්‍රකාශ කළ අතර ආසියානු කුසලානයේ තරග කිහිපයක් පාකිස්තානයේ පැවැත්වීමට සිදු කළ යෝජනාවට ද ඉන්දියාව කැමැත්ත පළ කළේ නැහැ.

WhatsApp Group

Skip to content