Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා .

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ දක්වා පැමිණීමට අවශ්‍ය බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක කරන බවයි .

එමෙන්ම 1955 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් මගී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත්,ඔහු ප්‍රකාශ කලා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද නව වසර වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසූවේ,කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට මෙම විශේෂ බස් රථ සේවාව අද සිට ලබන 03 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

WhatsApp Group

Skip to content