Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් මේ වනවිට දියත් කොට තිබෙන බව වර්හා වනවා.

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිත්යන් තිදෙනා කෙසේ හෝ නම්කොට ලබන 5 වැනිදා එය යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එමගින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සුදානම වන බව සදහන්.

ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි .

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු සහභාගී වීමට නියමිතව තිබෙනවා .

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සුදානම් නොමැති බව සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දෙශප්‍රිය මහතා පවසනවා. හොරණ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/MAHINDA-EDIT-02.mp3?_=1

මේ අතර පළාත් පාලන මැතිවරණය සදහා අද හෝ හෙට නාම යෝජනා කැදවීමට තිරණය කර ඇති බවද මහින්ද දෙශප්‍රිය මහතා ප්‍රකාශ කළා

https://www.vnews.lk/storage/2023/01/MAHINDA-EDIT-01.mp3?_=2

WhatsApp Group

Skip to content