Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

නවතම වාර්තාවක සඳහන් වන්නේ වර්ෂ තුනක කාලයක සිට මෙම මුදල අයකර ගෙන නොමැති බවයි.

මේ ආදායම මුදල් රෙගුලාසි 128 (2) ප්‍රකාරව අප්‍රමාදව එකතු කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙනවා.

ගුවන් හමුදාවට ලැබිය යුතු හිඟ මුදල් අදාල අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා නිරවුල් කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබියදීත් එම නියෝගයට පටහැනිව හිඟ මුදලින් රුපියල් 58 ලක්ෂයකට වැඩි මුදලක් රජයට සිදු වූ පාඩුවක් සේ සලකා කපා හැරීමට කටයුතු කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන්.

WhatsApp Group

Skip to content