Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

මන්ත්‍රීවරුන් සඳහා පසුගිය වසරේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස හිමිව තිබුනා.

මෙම වසරේ වසරේ එය මෙතෙක් ලැබී නොමැති බවයි මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ.

ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන් ට සිය ගම්වල සංවර්ධන කටයුතු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගනු ලැබුවද ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොමැති මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම හමුවේ ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී ඇති බවයි එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතටත් ආර්ථික තත්වය අනුව මෙම වසරේ විමධ්‍යගත අරමුදල් ලබා දිය නොහැකි බවත්, ආදායම් මට්ටම සතුටු දායක වුවහොත් ලබන වසරේ දී එය ලබාදීමට හැකිවනු ඇති බවත් සඳහන්.

WhatsApp Group

Skip to content