දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම කැදවු අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොණුකර තිබු මෙම පෙත්සම ප්‍රිති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවුණු ලැබුවා.

WhatsApp Group

Skip to content