ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයෙන් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ලකුණු 81න් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 182ක් රැස් කළා.
එහිදී කැමරන් ග්‍රීන් පන්දු 23දී ලකුණු 41ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී නවීන් උල් හක් ලකුණු 38 කඩුළු 04ක් බිද හෙළනු ලැබුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.
මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ආකාශ් මද්වාල් ලකුණු 5ට කඩුළු 5ක් බිද හෙලීමට සමත් වුණා.
මෙම පරාජයත් සමග ලක්නව් කණ්ඩායමට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

 

WhatsApp Group

Skip to content