රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදු කිරීමට දකුණු අප්‍රිකාව සූදානම් වනවා.

යෝජිත යුද අභ්‍යාසය බටහිර රටවල දැඩි විවේචනයට ලක්ව ඇති අතර දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ එය මිත්‍රයින් අතර පවත්නා ගනුදෙනුවක් බවයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු අප්‍රිකා සහ රුසියා විදේශ අමාත්‍යවරුන් අතර පැවැත්වුණා.

කෙසේ වෙතත් රුසියාවට පක්ෂපාත රටක් ලෙසයි දකුණු අප්‍රිකාව සැලකෙන්නේ.

මේ අතර ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරයා ද හෙට දිනයේ දී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content