ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී මෝටර් රථයක ගැටී පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයා සිතා මතා මෙම පිරිස දෙසට මෝටර් රථය ධාවනය කරමින් මෙම අනතුර සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවාස අහිමි වූ සහ සංක්‍රමණය වූ පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content