තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් එම වතු නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා .

අදාළ වතු නිවාස ගිනි ගැනිම හේතුවෙන් පුද්ගලයින් 47 ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ

රාත්‍රි 8.30 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත් එම අවස්තාවේ නිවාස වල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි විමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවද වාර්තා වනවා .

වතු කම්කරුවන් සහ තලවකැලේ පොලිසිය එක්ව පැතිර යමින් තිබු ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වී තිබෙනවා .

මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේ අවතැන් වුවන්ට යටිතල පහසුකම් සැපයිමට වතු පාලන අධිකාරිය සහ ප්‍රදේශවාසින් පියවර ගෙන ඇති බවයි .

WhatsApp Group

Skip to content