තරග තුනාකින් සමන්විත ඉන්දු – ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා .

තිරුවානාතපුරම් ක්‍රීඩාංගනයේ පැවතී මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවටයි තීරණය කලේ .

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 390 ක් .

එහිදී ශුබ්මන් ගිල් ලකුණු 116 ක් ලබා ගත් අතර විරාට් කෝලි නොදැවී ලකුණු 166 ක් රැස් කළා .

පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුළු 2 ක බැගින් දවා ගත්තා .

කෙසේ වෙතත් ලකුණු 391 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායාමට පන්දුවාර 22 ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 73 ක් පමණයි .

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19 ක් ලබා ගත්තා .

කසුන් රාජිත නොදැවී රැස් කල ලකුණු සංඛාව 13ක් .

පන්දු යැවීමේදී මොහොමඩ් සීරාජ් ලකුණු 32 කට කඩුළු 4 ක් දවා ගත අතර කුලදීප් යාදෙව් සහ මොහොමඩ් ශමි අතරේ කඩුළු 2 බැගින් දැවී ගියා .

පන්දු රැකීමේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පිතිකරණයේ යෙදීම් අවස්ථාව අශේන් බණ්ඩාරට අහිමි වුණා .

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 317කින් පරාජයට පත් වූයේ මේ දක්වා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවූ පරතරයකින් පරාජය වූ පළමු කණ්ඩායම බවට පත්වෙමින් .

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන විරාට් කෝලි විසින් හිමි කර ගත්තා .

WhatsApp Group

Skip to content