කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වු දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවයි දෙපාර්තමේන්තුව සදහන් කලේ.

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබු දුම්රිය මැදිරි 4ක් ඊයේ දහවල් පීලි පැනීමකට ලක්ව තිබුණා.

මෙහිදී පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබු අතර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content