තලවකැලේ, හින්දු කෝවිලක් අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා .

පසුව එම බිලිඳිය ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත භාරදුන් බවයි තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ .

ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරීමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසි ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක පොලීසිය දැනුවත් කර තිබෙනවා .

බිලිඳිය දින 12 – 14ක පමණ වයසැති බවත්, ඇය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සදහන් .

බිලිඳිය ත්‍රිරෝද රථය තුළ දමා ගිය අය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා .

ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බිලිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ .

WhatsApp Group

Skip to content