ත්‍රිකුණාමලය වෙරළ තීරයට ගොඩගසා තිබු කළු පැහැති ආගන්තු ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකර තිබෙනවා

ඒ ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර පී. ශ්‍රීපති මහතා ඇතුළු කණ්ඩායමක් විසිනුයි.

වෙරළට ගොඩගසා තිබු කළු පැහැති ආගන්තු ද්‍රව්‍ය නෞකාවකින් මුහුදට මුදාහරින ලද අපද්‍රව්‍යයක් විය හැකි බවට ඔවුන් සැකකරනවා.

කෙසේවෙතත් එම ද්‍රව්‍ය නිරීක්ෂණයට එක්වු කණ්ඩායම අදාළ ආගන්තුක ද්‍රව්‍යයේ සාම්පල කිහිපයක් රැගෙනගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content