සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත සියලුම කාර්ය මණ්ඩල නිවාඩු අවංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අද (12) දින සේවයට වාර්තා කරන ලෙස සියලු කාර්ය මණ්ඩලයට දැනුම්දෙයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලයන්හි නිලධාරීන්ට පැය 240ක උපරිම අතිකාල ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් සඳහන් කරමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඊයේ සවස 4 සිට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

WhatsApp Group

Skip to content