Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා .

මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසනවා .

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වන විට වාහන ලක්ෂ 83 ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60 ක පමණ ප්‍රමාණයක් බව ද ඒ මහතා කියා සිටියා .

ඒ අනුව වසර 5 කට වඩා එක දිගට ආදායම් බලපත්‍ර ලබා නොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කරන බව ද නිශාන්ත අනුරුද්ධ මහතා පැවසුවා .

WhatsApp Group

Skip to content