දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එම තීරණය ගත් බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුම්රිය මාර්ගවල පවතින දෝෂ සහ නඩත්තු කටයුතු හමුවේ දුම්රිය වේග සීමා පැනවීමත් සමග සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමේ දී ගැටලු පැන නැගී තිබෙනවා.

ඒ අනුව කාර්යාල සේවකයින් පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන ලබන සතියේ සිට දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content