මෙම වසරේ ජනවාර් 01 වැනිදා සිට අප්‍රේල් 31 වැනිදා දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම් 30 ක් සිදුව ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මීට හේතුව වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම පීළි පැනීම්වලින් 18 ක් මගී දුම්රිය පීළි පැනීම් වන අතර ඉතිරි දුම්රිය 13 දුම්රිය අංගනවල පීළිපැනීම් බව ස‘දහන්.

මෙලෙස වැඩිවශයෙන් දුම්රිය පීළිපැනීම සිදුව ඇත්තේ උඩරට මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ වන අතර දුම්රිය නිසි ලෙස නඩත්තු නොකරන්නේ නම් ඉදිරියේදී පීළිපැනීම් වැඩි වියහැකි බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

WhatsApp Group

Skip to content