Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජංගම දුරකතන සහ ඩේටා ගාස්තු සඳහා යම්කිසි සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ දුරකතන සහ ඩේටා ගාස්තු ඉහළ යාම තුළින් ජනතාවට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි.

බොහෝ පිරිස් ගීත ඇසීම්, සමාජ මාධ්‍ය පරිහරණය කිරීම් මෙන්ම අධ්‍යාපනය ලබා ගන්නේ ද ජංගම දුරකතනවලින් සහ ඩේටා භාවිතයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කළා.

ජංගම දුරකතන ගාස්තු සහ ඩේටා ගාස්තු මේ වන විට විශාල වශයෙන් ඉහළ යාම පාරිභෝගිකයින් හට දරා ගත නොහැකි බවටයි ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත කියා සිටියේ.

WhatsApp Group

Skip to content