සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

අද දිනය නිමාවන විට තරගයේ වැඩි ගෞරව අත්කරගන්නට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 580ක්.

නවසීලන්ත ඉනිම අගනා ද්විත්ව ශතක දෙකකින් වර්ණවත් වුණා.

කේන් විලියම්සන් ලකුණු 215ක් සහ හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 200ක් ලබා ගත්තා.

ලකුණු 580ක් ලබා සිටියදී නවසීලන්තය සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 26ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියා.

ඖෂධ ප්‍රනාන්දු ලකුණු 06කට සහ කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් ලබා ගන්නට පෙර දවා ගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

නොදැවී ක්‍රීඩා කරන නායක දිමුත් කරුණාරත්න ලකුණු 16යි.

ශ්‍රී ලංකා ඉනිමේ සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 4ක් ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 554ක් පසුපසින් සිටිනවා.

නවසීලන්තයේ වෙලින්ටන්හිදී පැවැත්වෙන තරගයේ හෙට තුන්වන දිනයයි.

WhatsApp Group

Skip to content