Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියා කුඹුර ගම්මානය තුළ පිහිටි නිවාස 1500ක ජනතාවට බරපතළ ගැටලුවක්ව තිබූ පානීය ජල සම්පාදනය සඳහා විසඳුම් ලබාදීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

මෙම ප්‍රදේශයේ පවුල් 750 ක පමණ ජනතාව උග්‍ර ජල ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර ඒ සඳහා පානීය ජල පිරිපහදුව සහ ජල ටැංකි ප්‍රතිසංස්කරණය ඇතුළු ප්‍රධාන අවශ්‍යතා වෙනුවෙන් රුපියල් මිලියන එකසිය විසි තුනක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බව ඊයේ අමාත්‍ය සියඹලාපිටිය මහතා සහ කොටියාකුඹුර සංවර්ධන පදනමේ සාමාජික මහත්ම මහත්මීන් සමඟ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය . හැකි ඉක්මනින් අදාළ පාර්ශ්ව සමග එක්ව මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම්, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්, කොටියා කුඹුර සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය පුන් සිසිගම ගුණරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංවර්ධන පදනමේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content