අමෙරිකානු පාර්ලිමේන්තුවට කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ වන විට එරට දේශපාලනය දැඩි අර්බුදයකට මුහුණපා ඇතැයි වර්තාවනවා.

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධූරය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක කෙවින් මැකාති 06 වන වරටත් පරාජයට පත්වීම ඊට හේතුවයි.

අමෙරිකානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා තෝරා ගැනීමට නම් ඉදිරිපත්වන අපෙක්ෂකයෙකු ඡන්ද 2018 ක් ලබාගත යුතුයි.
එහෙත් මැකාතිට අවස්ථා 06 දීම හිමිව ඇත්තේ 200 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිපප්ලිකන් පක්ෂයේම නියෝජිතයින් විසිදෙනෙකු මැකාතිට එරෙහිව ඡන්දය භාවිත කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

WhatsApp Group

Skip to content