ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ද තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කලේ.මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත්ක ටයුතුකම් සදහා අලෙවි කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන බව සදහන්.

මේ වනවිට අබුඩාබි , ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථාන වල මෙම සිදුවීම් වලට ගොදුරු වූ තරැණියන් විශාල පිරිසක් රදවා ගෙන සිටිනවා .

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද සදහන් කලේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ වූ අයට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි .

https://www.vnews.lk/storage/2022/11/WIJEDASA-RAJAPAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content