නවසීලන්තයට එරෙහි එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයට එක්ව ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතයට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුලත්.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව් වසර දෙකකට පසුව ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීම විශේෂත්වයක්.

මැතිව්ස් අවසන්වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර තිබුණේ 2021 මාර්තු මාසයේදීයි.

නවසීලන්ත තරග සංචාරය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුලත්.

මේ අතර සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු 25 වනදා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අප්‍රේල් 02 වන දා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 155ක් රැස්කරගෙන සිටියා.

WhatsApp Group

Skip to content