උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ජනාධිපති කාර්යාලයේදී අද(17) සිදු කෙරුණා.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලැබුවේ හිටපු අමාතයවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි.

උතුර පලාත් ආණ්ඩුකාරවරිය ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්වීම් ලියි ලබාගත් අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු පළාත් සබා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතායි.

මෙම පත්වීම් ලැබීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරුන් තිදෙනා මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/05/ANDUKARA-WARUN-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content