ඝානාවේ නැගෙනහිර කලාපයේ බිරිම් නෝර්ත් දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ තවත් 17දෙනෙකු සිරවී සිටින බවත් පතල් කම්කරුවන් දෙදෙනෙකු පමණක් මේ වනවිට බේරා ගැනීමට හැකි වූ බවත්ය.

මෙම පතල කඩා වැටීමට හේතුව ඇදහැලෙන අධික වර්ෂාපතනය වන්නට ඇතැයි සැකකෙරෙනවා.

මේ සිදුවීම සම්බන්ධව බලධාරීන් තවම අදහස් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content