උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ  අවධානය යොමුව තිබෙනවා.

අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව සඳහන් කළා.

වර්ෂයකට උපදින දරුවන් අතුරින් දරුවන් 8000ත් 10,000ත් අතර ප්‍රමාණයක් උපතින්ම විවිධ ආබාධවලට ගොදුරු වන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභානයකවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ දෙසම්මර් 03වනදා ලෝකයේ ආබදිතයින් සදහා වෙන්වූ දිනය ලෙස සැලකෙන බවයි.

නමුත් දරුවන් ඉපදුණු ගමන් ඔවුන්ගේ අඩුපාඩු සහ ආබාධ හඳුනාගැනීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුල මෙතෙක් ස්ථාපිත කර නැති බවයි ව මහතා සදහන් කළේ .

“වැඩි දැනුමක් නොමැති දෙමව්පියන් දරුවන්ගේ අඩුපාඩු හඳුනාගන්නේ බොහෝ කල් ගතවුණාට පස්සේ.

ඕස්ට්‍රේලියාව වැනි රටවල Cochlear implant වැනි ආබාධ සඳහා උපතේ සිටම ප්‍රතිකාර කරනවා.

බන්දුල ගුණවර්ධන මහත්මයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේදී වෙනිවැල් කොළ සම්භාහන මධ්‍යස්ථානයක් පවා හැදුවා.

රට පුරා මධ්‍යස්ථාන 26ක් තියෙනවා. එය වැඩි කරන්න ඕන” යැයි ද මෙහිදී සභානායකවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content