Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් වනවා.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබු කාලය ඊයේ දිනයෙන් අවසන් කෙරුනා. මේ වන වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ රාජ්‍ය බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි..

දේශපාලන නියෝජිතයන් කුමන ප්‍රකාශ සිදුකළ ද මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත සම්මත කිරිම හරහා ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණයට බලපෑමක් එල්ල විය හැකි බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙනවා.

ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේ පාර්ලිමේන්තුවට ගෙන එමින් වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම කිරි කලයට ගොම දැමුවා සේ නරක පූර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මෙය මැතිවරණ වියදම් පාලනය කිරීමට වඩා පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ පනතක් බවයි ඒ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/01/PATALI-EDIT.mp3?_=1

මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මහනුවරදී අදහස් දක්වා සිටියේ සමගි ජනබලවේගයේ නාම යෝජනා භාර දීමට පැමිණි අවස්ථාවේ දී.

https://www.vnews.lk/storage/2023/01/KIRIELLA-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content