Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේම ගොවීන්ට සැපයීමට සැලසුම් කර තිබෙනවා.

මේ අනුව ටී.එස්.පී හෙවත් මඩ පොහොර නෞකාවක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ලබන යල කන්නයේ ගොවීන්ට අවශ්‍ය සම්පුර්ණ මඩ පොහොර ප්‍රමාණයම නොමිලේ ලබාදීම රජයේ ඉලක්කයයි.

මේ අනුව අවශ්‍ය පොහොර ගෙන්වීම මේ වන විට සිදු වනවා.

මහ කන්නයට අවශ්‍ය මඩ පොහොර ද ලබා දීමට තීරණය කර තිබුණත් ඒවා මිලදී ගැනීමට නොහැකි වුණා.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනය පොහොර අපනයනය නතර කිරීම ඊට හේතුවයි.

කෙසේ වවුද යල කන්නයට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් තිස්හයදහසක් සහිත නැවක් ලබන මස පළමු සති දෙක ඇතුලතදී මෙරටට ලගා වීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content