ඩෙංගු රෝගින් වාර්තා වීම පිළිබදව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිටත් කර හැර තිබෙනවා.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 7000 කට අධික බව සදහන්. මේ වසරේ මුල සිට මෙරටින් ඩෙංගු රෝගීන් තිස් එක්දහස් අනූ අටක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

ඩෙංගු රෝගීන් මෙලෙස ඉහළ යාමට ඩෙංගු 3 වන ප්‍රභේදය හේතු වී ඇති බවට මත පළ වූවද සෞඛ්‍ය කීට විද්‍යා සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානයක මහතා චෝදනා කළේ දුමායනය අවම කිරීම හේතුවෙන් මෙම තත්වය උග්‍ර වී ඇති බවයි.

මෙම දිනවල ඩෙංගු අනු කණ්ඩය දෙක සහ තුනම දිවයිනෙන් වාර්තා වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

 

මේ අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් ද දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content