නැනෝ දියර පොහොර ආනයනයේදී යම් දූෂණයක් සිදුව ඇත්දැයි සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවත් පත් කිරීමට තීරණය කළ බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම සහ නැනෝ පොහොර ආනයනය කිරීම මගින් රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත්නොවු බවයි මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණාකාධිපති වාර්තාව සැලකිල්ලට ගෙන පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content