75 වන නිදහස් දිනයට සමගාමීව ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන සහ විනෝද උද්‍යාන නොමිලයේ නැරඹීමට මහජනතාව සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම විශේෂ තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම එදිනට දිවයින පුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද 50 % කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්.

WhatsApp Group

Skip to content