Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් නම් දරා ඇති යුපුන් අබේකෝන් සඳහා ඔහුගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ක්‍රීඩා ජීවිතයේ අනාගත ආයෝජනයක් ලෙස ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ලබාදී තිබෙනවා.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුවයි.

මලල ක්‍රීඩාව තුළ ඔහුගේ දක්ෂතා වර්ධනය කරගෙන එමගින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකර ගැනීම මෙහි අරමුණ බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටින්නේ.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් යුපුන් අබේකෝන් අතරත් ත්‍රෛපාක්ෂික ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ලේකම් මොහාන් ද සිල්වා මහතාත් ධාවනශූර යුපුන් අබේකෝන් සහ ඔහුගේ කළමනාකාර සංජය ගන්ලත් මහතා සහ යුපුන්ගේ නීතිඥවරිය වන නීතිඥ රුවිනි සිල්වා මහත්මියත් සහභාගි වී තිබෙනවා.

WhatsApp Group

Skip to content