Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2005 වසරේ දී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එම ප්‍රතිපත්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content