නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා.

දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලම ආර්ථිකයන් මෙන්ම ගෝලීය අගය දාමයන් සමග ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය හා සම්බන්ධ වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වන බවයි ජනාධිපති ලේකම්වරයා සදහන් කළේ.

මෙම සංවර්ධන ක්‍රියා පිළිවෙතෙහි අවසාන ප්‍රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින් ඊට නිර්මාණශීලීව දායක වන ලෙසයි ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ.

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුම්වත් කිරීම සදහා පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content