ඉන්ධන කළමණාකරන කිව්.ආර් පද්ධතිය ලබන මාසයේ සිට ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළා.

කිව්.ආර් පද්ධතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක නොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වන ප්‍රචාර අසත්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අනුව සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි ඉන්ධන ගැටලුව විසදෙන තුරු ඉන්ධන කළමණාකරන කිව්.ආර් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content