එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර ඇති බව සඳහන්.

මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ දිනයේදී එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

මේ අතර අද 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ පැවති මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ බුලත් කොළය යටතේ එක්සත් ජනතා සන්ධානයේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සිදු කරන බවයි.

https://www.vnews.lk/storage/2022/11/THILANGA-SUMATHIPALA-EDIT-.mp3?_=1

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් පල කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වත්මන් ආණ්ඩුවට එක්වූ සියලු සාමාජිකයින්ගේ විනය පරීක්ෂණ අවසන් වන තුරු පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිට වූ බවයි.

https://www.vnews.lk/storage/2022/11/DAYASIRI-JAYASEEKARA-EDIT-.mp3?_=2

මේ අතර ඊයේ පැවති මධ්‍යම කාරක සභාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද මාධ්‍ය වෙත අදහස් පල කර සිටියා.

ඔහු කියා සිටියේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර කටයුතු කල යුතු බවයි.

https://www.vnews.lk/storage/2022/11/DUMINDA-DISANAYAKE-EDIT-01.mp3?_=3

මේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා.

https://www.vnews.lk/storage/2022/11/DUMINDA-DISANAYAKE-EDIT-02.mp3?_=4

WhatsApp Group

Skip to content