Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සහ අනිකුත් ලැබීම් මත රුපියල තවදුරටත් ශක්තිමක් වනු ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මාහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසනවා.

මේ අතර මෙම වසර අවසානය වන විට රුපියලේ අගය යළි අවප්‍රමාණය විය හැකි බවට ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

එම ආයතනය වඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගත හැකි බවයි.

ශ්‍රී ලංකාව සියලු ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන ඇති අතර මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මේ මස 20 වන දා විධායක මණ්ඩලය විසින් සලකා බලන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා කියා සිටියේ.

අද දින පාර්ලිමේන්තුවේදී සිය අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ වසර ගණනාවක සිට විපක්ෂය විසින් පැවසු පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා ගැනීමට කටයුතු කළේ නම් මේ වන විට රට තුළ මූල්‍ය අර්බුදයක් හට නොගන්නා බවයි.

https://www.vnews.lk/storage/2023/03/KIRIELLA-EDIT-02.mp3?_=1

WhatsApp Group

Skip to content