නිව්යෝර්ක් ප්‍රාන්තයට බලපා ඇති අධික හිම පතනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බෆලෝ නගරයටයි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ.

මෙම සතිය ආරම්භයේ සිට උතුරු ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට හිම කුණාටුවලින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මිලියන එකයි දශම හතකට පමණ විදුලිබලය ඇණහිට තිබූනා.

ඇමෙරිකාව පුරා හිම කුණාටු හේතුවෙන් මියගිය සමස්ත සංඛ්‍යාව හැටක් ලෙසයි දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content