බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ GI බට 11ක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.

වංචා සිද්ධියට සැකපිට සභාපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සිරිල් මුණසිංහ නමැති බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ 67 හැවිරිදි ඔහුගේ සහෝදරයෙකු වන පියදාස මුණසිංහ නමැත්තායි.

බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ ගෙන ඇති බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා බව ද සඳහන්.

ඉදිකරමින් පවතින එම ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට පටවමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය දැනුම්වත් කර තිබුනා.

 

WhatsApp Group

Skip to content